Home » සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම සඳහා වන කාගිල්ස් “ලක් බොජුන්” වැඩ සටහන තෙවන වරටත් පවත්වන ලදි.

සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම සඳහා වන කාගිල්ස් “ලක් බොජුන්” වැඩ සටහන තෙවන වරටත් පවත්වන ලදි.

by sachintha
September 5, 2024 10:43 am 0 comment

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළ බොජුන් වැඩසටහන හා එක්ව ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් පුහුණු කිරීමේ කාගිල්ස් ලක් බොජුන් පුහුණු වැඩසටහන වාර්ෂිකව තෙවන වරටත් 2024, අගෝස්තු 27 දින කාගිල්ස් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.

මෙම වැඩසටහන මෙහෙය වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම උපදේශිකා කේත්මිණි ආරියසේන මහත්මිය විසින් සිදුකරන ලද දේශනයෙන් ආහාරවල තත්ත්වය පවත්වා ගැනීම, ආහාර තබාගන්නා අලෙවි කුටිවල (කාට්) පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම, සනිීපාරක්ෂක පුරුදු සහ ඉහළ පාරිභෝගික සබඳතාවක් පවත්වාගැනීම යන ඉතා වැදගත් කරණු පිළිබඳව දැනුවත් කිරීම් කරන ලදී, එහිදී කාගිල්ස් කණ්ඩායමේ සමාජිකයන්ද ආහාර වල සුරක්ෂිතභාවය සහ ඉතිරි කිරීමේ සහ මුල්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව ඔවුන් සතු විශේෂඥ දැනුම කාන්තා ව්‍යවසායකයන් සමඟ බෙදා ගන්නා ලදී. මෙම අවස්ථාවට සහභාගි වූ කාගිල්ස් බැංකුවේ කාර්ය මණ්ඩලය ද මුල්‍ය කටයුතු සහ මුල්‍ය කළමනාකරණය පිළිබඳව උපදේශයන් ලබාදීමේ අරමුණ වි ඇත්තේ අනාගතයට ඉතිරි කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමටය.

2022, මැයි මස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කාන්තාවන් දෙදෙනෙකුගෙන් ආරම්භ කරන ලද කාගිල්ස් ලක් බොජුන් වැඩසටහන අද වන විට අලෙවි කුටි 11 ක් සහ සෘජු හා වක්‍ර වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කාන්තාවන් 35 දෙනෙකුට තම අලෙවි කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාකර තිබේ. මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කාන්තාවන්ට තිරසාර ආදායමක් ලබාගැනීමට, කාන්තාවන් සඳහා හොඳ වෙළඳපොළක් නිර්මාණය කර දීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න පෝෂණීිය ආහාර අලෙවි කිරීමට අවස්ථාව උදාකර දි ඇත. මේ වැඩසටහන හරහා අලෙවි කුටි (කාට්), ඒප්‍රන් ඇඳුම්, හිස් ආවරණ සමඟ කාගිල්ස් සුපර් මාර්කට් සංකීරණයන්හි ඔවුන්ගේ ආහාර අලෙවි කුටි (කාට්) නොමිලේ තබාගෙන අලෙවි කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ දේශීිය ආහාර මෙන්ම ඉහළ පෝෂණීිය ගුණයෙන් යුතු කොළ කැඳ, කෑමට සූදානම් කර ඇති ආහාර වර්ග, අල වර්ග, ධාන්‍ය වර්ග වැනි විවිධ සෞඛ්‍ය සම්පන්න ආහාරයන් පාරිභෝගිකයන්ට ලබා ගැනීමට අවස්ථාව සැලසීමටය.

සතියේ දිනවල උදය වරුවේ ක්‍රියාත්මකව පවත්නා මෙම වෙළඳ කුටි සමහර දිනවල දිවා සහ රාත්‍රී ආහාර දක්වා ද පවත්වාගෙන යන අතර කාගිල්ස් ලක් බොජුන් හරහා පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට පෝෂණීය ආහාර වේලක් රසවිදිමේ අවස්ථාව උදාකර ඇත. කඩදාසි කෝප්ප, කෙසෙල් කොළ, කැන්ද කොළ සහ දිරාපත් වන කවර ආදී පරිසර හිතකාමී ඇසුරුම් භාවිතයට උනන්දු කරවන අතර කාගිල්ස් විසින් සතිපතා පරික්ෂා කිරීම් සිදු කරනු ලබන්නේ ඔවුන් සියලු දෙනාම හෙළ බොජුන් වැඩ සටහනේ මාර්ග නිර්දේශ පිළිපදිමින් උසස් තත්ත්වයේ ආහාර ලබා දෙන බවට සහතික කිරීමටයි. මේ වැඩසටහනට අදාල සියලුම පිරිවැය කාගිල්ස් විසින් දරණු ලබන්නේ කාගිල්ස් ලක් බොජුන් හරහා ඉපැයෙන සියලු ආදායම් කාන්තා ව්‍යවසායකයන්ට සෘජුවම හිමිකර දීමේ අරමුණ ඇතිවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT