Home » පොලිස් සැරයන් පැද වූ රථයේ ගැටී මව සහ දියණිය ජීවිතක්ෂක්ෂයට – කුඩා දරුවෙකුට තුවාල

පොලිස් සැරයන් පැද වූ රථයේ ගැටී මව සහ දියණිය ජීවිතක්ෂක්ෂයට – කුඩා දරුවෙකුට තුවාල

by yasara
September 5, 2024 11:21 am 0 comment

පොලිස් සැරයන්වරයෙකු පැදවූ  වෑන් රථයක ගැටී යතුරු පැදියක ගමන් කළ මවක් සහ දියණියක් ඊයේ (04) ජීවිතක්ෂයට පත්ව ති‌බෙයි.

එප්පාවල – කැකිරාව බී.213 මාර්ගයේ  කටියාව හන්දිය , ඩී.එස්. සේනානායක පිලිරුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් කුඩා දරුවෙකුට තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝගස්වැව, මකුලෑව , ගල්ගමුව ලිපිනයේ  පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ  චන්ද්‍රලතා නැමැති 58 හැවිරිදි සිව් දරු මවක් සහ ඇගේ දියණිය වන හිටිහාමි මුදියන්සේලාගේ  ඉන්ද්‍රාණි විජේසිංහ  නැමති 38 හැවිරිදි තිදරු මවකි.

ඊයේ පස්වරු 2ට පමණ   එප්පාවල සිට කැකිරාව දෙසට එම සැරයන්වරයා  පැදවූ කේඩී.එච්. වර්ගයේ  වෑන් රථය , කැකිරාව දෙස සිට එප්පාවල ප්‍රදේශයට පැමිණෙමින් තිබූ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ දියණියගේ සැමියා හමුදා සාමාජිකයකු වන බවත් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදරට ගොස් නැවත ගල්ගමුවට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවීමෙන් පසු තුවාලකරුවන් එප්පාවල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් පසු පැදිකාරිය ජීවිතක්ෂයට පත්ව සිටි බවත් යතුරු පැදිකාරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ තුන් හැවිරිදි පිරිමි දරුවෙකු එප්පාවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධන ශික්ෂණ රෝහලට ඇතුලත් කර බව පොලිසිය සඳහන් කළේය.

වෑන් රථයේ රියදුරුට නින්ද යෑම‌ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මේ වන විට අනාවරණ වී ඇති අතර එප්පාවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT