Wednesday, April 23, 2025
Home » තදබදය මඟහරින්න පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

තදබදය මඟහරින්න පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

by sachintha
September 5, 2024 1:04 am 0 comment

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන් බලපත්‍ර කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 15 වැනිදා වන විට ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විදෙස් ගමන් බලපත්‍ර ලැබීමෙන් අනතුරුව දැනට ඇතිව තිබෙන තදබදය මඟහැරෙනු ඇති බවත් එතෙක් දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT