Home » අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වුණොත් ලේසි වෙන්නේ නෑ

අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වුණොත් ලේසි වෙන්නේ නෑ

-අමාත්‍ය විදුර වික්‍රමනායක

by sachintha
September 4, 2024 1:37 am 0 comment

“අයි.එම්.එෆ්. ගිවිසුමෙන් අපි ඉවත් වුණොත් ඉස්සරහට ලේසි වෙන්නෙ නෑ. ඉදිරියේදී ලේ වැගිරීම් සිද්ධ වෙයි.” යනුවෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හොරණදී පැවසීය.

අමාත්‍යවරයා මෙලෙස පැවසුවේ මෙවර ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සහ මැතිවරණය සම්බන්ධ කටයුතුවල ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කතිකා කිරීම සඳහා හොරණ නගර ශාලා පරිශ්‍රයට පක්ෂ ක්‍රියාකාරීන් සියල්ල එක්රැස්ව සංවිධානය කර පැවැත්වූ සාකච්ඡාවක් අමතමිනි.

මෙහිදී තවදුරටත් මාධ්‍ය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අපට තියෙන එකම අභියෝගය තමා මේ රට ගොඩනැඟීම. මේ ආකාරයෙන් අයි.එම්.එෆ්. ගිවිසුමින් අපි ඉවත් වුණොත් අපට ණය දීලා තියෙන අනෙකුත් රටවල් සහ ආයතන සියල්ල මේ ගිවිසුමෙන් ඉවත් වෙනවා. එහෙම ඉවත් වෙලා අපට බල කරනවා මේ ණය ගෙවන්න කියලා. ලේසි වෙන්නෙ නෑ ඉස්සරහට. මාස හයක් යද්දී අරගලය සහ ප්‍රතිඅරගල නිර්මාණය වෙනවා. හමුදාව රට පාලනය කරන්න පටන්ගනී. ජීවිත නැති වෙයි. මේ රට පහුගිය කාලෙ තිබුණාටත් වඩා අන්ත තැනකට වැටෙයි.Ó

ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT