Wednesday, April 23, 2025
Home » සංවර්ධන නිලධාරීන් 16,000ක් අභ්‍යාසලාභීන් ලෙස ගුරු සේවාවට අන්තර්ග්‍රහණය කර තිබෙනවා

සංවර්ධන නිලධාරීන් 16,000ක් අභ්‍යාසලාභීන් ලෙස ගුරු සේවාවට අන්තර්ග්‍රහණය කර තිබෙනවා

-ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්

by sachintha
September 4, 2024 1:37 am 0 comment

පාසල් පද්ධතිය තුළ සේවාව කළ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 16,000ක් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) පැවැසීය.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

පසුගිය වසර දෙක තුළදී ගුරු සේවාවට 25,800 ක් බඳවා ගත්තා. ගුරු පුරප්පාඩු 40,000 ක් පවතින බවට පසුගිය කාලය පුරාවටම ප්‍රචාරය වුණා. 2019 වසරේදී පුහුණුව සඳහා පාසල්වලට 23,000 ක් අනුයුක්ත කළා. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ඔවුන් බඳවා ගන්නා ලෙසට යෝජනාවක් වුණා.

මෙම 23,000 න් 7000 ක් පළාත් විභාගවලින් ගුරු පත්වීම් ලබා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය තුළින් පීඨ ගුරුවරුන්ට අවස්ථා දෙකකදී පත්වීම් ලබාදීම සිදු කළා. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය, විදේශ භාෂා ලෙස ගුරුවරුන් බඳවා ගැනීම සිදු කළා. ඉංග්‍රීසි භාෂාව සඳහා උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරීන්ට ගුරු සේවා පත්වීම් ලබාදුන්නා.

ගුරු සේවාවට අනුයුක්ත කර ගැනීමට සිටින උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 16,000ක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කැබිනට් මණ්ඩලය වෙත එවා තිබූ මතය ඇමැති මණ්ඩලය පිළිනොගත් අතර එම ගැටලුව ප්‍රායෝගිකව විසඳන ක්‍රමය සතියක් තුළ දැනුම් දෙන ලෙසට කොමිෂන් සභාවට දැනුම් දුන්නා. මේ පිරිස වසර 5ක් පාසල්වල පුහුණු වූ පිරිසක් බවත් මෙම බඳවා ගැනීම් සිදු කළ විට ගුරු වර්ග අනුව තවත් පුරප්පාඩු 4000ක් පමණ තිබෙනවා. විපක්ෂය ප්‍රකාශ කරන පරිදි ගුරුවරුන් 25,000ක පුරප්පාඩු නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT