Home » පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට අපි යෝජනා කර තිබෙනවා

පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට අපි යෝජනා කර තිබෙනවා

-රාජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ්

by sachintha
September 4, 2024 1:37 am 0 comment

ජීවන වියදම සහ ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 17,500ක් ලෙස නියම කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇති බව කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ඊයේ (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා මෙසේ ද පැවසීය.

පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 12,500ක්. එම මුදල රුපියල් පන්දහසකින් වැඩිකර මේ නීතිය හරහා පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට අපි යෝජනා කර තිබෙනවා. අපි මේ පියවර ගත්තේ ජීවන වියදම සහ ආර්ථික අර්බුදය ගැන හිතලා.

මේ සමඟ 2016 අයවැයෙන් වැඩි කළ රුපියල් 17,500ක මූලික වැටුප ද රුපියල් 3500කින් වැඩි කෙරෙනවා. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ට අවම මූලික වැටුප රුපියල් 21,000ක් ලබාදීමට යෝජනා කර තිබෙනවා. කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.

එමෙන්ම ව්‍යාපාරික ආයතනවල හිමිකරුවන්ට තම සේවකයන්ට මෙම අවම මූලික වැටුප ගෙවීමට නීත්‍යනුකූලව අවසර තිබෙනවා. ඒ අතරම සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, සේවා පාරිතෝෂිකය සහ වෘත්තීය සුරක්ෂිතතාව ද මෙම නීතිය හරහා තහවුරු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT