අපේ රටේ පවුල් දේශපාලනය දක්ෂයන්ට ඉඩ දෙන්නේ නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (02) බදුල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ මස 21 වැනිදාට සහතික ලෙස අපේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා හෙට ඉර පායනවා වගේ අපට විශ්වාසයි. ඉතිහාසයේ කවදාවත් මෙතරම් ජනතාවක් අප වටා එකතු වෙලා නෑ. අපේ රටේ පවුල් දේශපාලනය දක්ෂයන්ට ඉඩ දෙන්නේ නෑ. දැන් මුළු රටම පෙළගැහිලා ඉන්නේ මාලිමාව ජයග්‍රහණය කරවන්න. දේශපාලන අනාචාරයේ හැසිරෙන අයට 21 වැනිදා නිසි දඬුවම් ලැබේවි. දැන් මේ රට ඉල්ලා සිටිනවා නවීනත්වයේ, බුද්ධිමත්භාවයේ, මනුෂ්‍යත්වයේ, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නඟන්න පුළුවන්, ජාතික සමඟිය ගොඩනැඟිය හැකි, ආගමික සංහිඳියාව ඇති කළ හැකි දේශපාලනයක්. මේ සියල්ල ගොඩනැඟීමට දැන් තිබෙන්නේ එකම දේශපාලන කඳවුරයි. ඒ අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරන මාලිමාවේ දේශපාලන කඳවුරයි.”
උපාලි කරුණාරත්න