Wednesday, April 23, 2025
Home » කඩාවැටුණු රට ගොඩගැනීමේ ගෞරවය ජනපති රනිල්ට හිමි විය යුතුයි

කඩාවැටුණු රට ගොඩගැනීමේ ගෞරවය ජනපති රනිල්ට හිමි විය යුතුයි

-මන්ත්‍රී නිමල් ලාන්සා

by sachintha
September 4, 2024 1:37 am 0 comment

කඩාවැටුණු ආර්ථිකයක් ඉතා කෙටි කාලයකදී ගොඩගත් ලෝකයේ ඇති එකම රට ශ්‍රී ලංකාව බවත්, එහි ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හලාවත පැවති ජන රැලියකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“ජනතාව දැන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට පෙළ ගැසෙමින් සිටිනවා. පෙට්‍රල්, ඩීසල්, ගෑස්, විදුලිය, ප්‍රවාහනය මේ සියල්ල නැතිව රට වැටිලා තිබූ වෙලාවේ අර්බුදයෙන් රට ගොඩගත් නිසා අපි සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහතා දිනවිය යුතුයි. බය නැතිව, විශ්වාසය ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තා. සජිත්, අනුර භාර ගන්නේ නැතිව මඟ හැරලා යද්දී අභියෝගය භාර ගත් නායකයා දිනවීමට අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා.

පෝලිම්වල මිනිස්සු මැරුණා. බෙහෙත් ටික නැතිව මිනිස්සු මැරුණා. රැකියාවට යන්න තෙල් ටික ගහගන්න පැය ගණන්, දවස් ගණන් පෝලිම්වල දුක් වින්දා. එහෙම තිබූ රටක්, රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත්තා.

අපි හෘද සාක්ෂියට අනුව රට ගොඩගත් නායකයාට යුතුකම ඉටු කරලීමට රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 21 වැනිදා මේ රටේ ජනාධිපති කළ යුතුයි. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 10ක් නැතිව, තෙල් නැව් නිදහස් කරගන්න විදිහක් නැතිව දවස් ගාණක් තිබුණා. ධීවර කර්මාන්තයට යන්න විදිහක් නෑ. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රට තිබූ තත්ත්වය ගැන හිතා බලන්න. තෙල් ටික ගන්න, බෙහෙත් ටික ගන්න එල්සී එකක් ලංකාවේ බැංකුවකින් නිකුත් කළාම අනෙක් රටවල් පිළිගත්තේ නෑ.

අවුරුදු දෙක හමාරකට පස්සේ අද රට දිහා බලන්න. ගොඩගන්න බෑ කියූ, කවුරුත් භාර ගත්තේ නැති රට රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ දැම්මා. අද සංචාරකයන් එනවා. එදා සංචාරකයන්ට එන්න එපා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ. ඒත් සංචාරකයන් ආවා. විදෙස් ශ්‍රමිකයන්ට සල්ලි එවන්න එපා කියලා කිව්වා. අද හෝටල් කාමර සංචාරකයන්ගෙන් පිරිලා. උද්ධමනය අඩු වෙලා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා. බඩු මිල අඩු වෙනවා. ඉන්ධන, බෙහෙත් මිල අඩු වෙනවා. මේ අවුරුදු දෙක තුළ අර්බුදයෙන් රට මුදාගෙන තියෙනවා.

රටක් ආර්ථික වශයෙන් වැටුණට පසු කෙටි කාලයකදී ගොඩගත් ලෝකයේ එකම රට අපේ රටයි. අපේ ආර්ථිකය වැටෙන කොට බංග්ලාදේශය අපට ණය දුන්නා. බංග්ලාදේශයට අද මොකද වෙලා තියෙන්නේ. අරගලකාරයන් බංග්ලාදේශය විනාශ කළා. ආර්ථිකය කඩාගෙන වැටිලා. ඒ තත්ත්වයට ආයේ මේ රට පත් කරනවාද? අපට ඒ තත්ත්වයට පත් වෙන්න ඕනෙ නෑ.”

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT