Home » විදේශ ලේකම් අරුණි විජේවර්ධන එක්සත් රාජධානියේ සංචාරයක

විදේශ ලේකම් අරුණි විජේවර්ධන එක්සත් රාජධානියේ සංචාරයක

by sachintha
September 4, 2024 1:49 am 0 comment

පොදුරාජ්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් රාජධානියේ සංචාරයක නිරතව තිබේ.

මේ වසරේ ඔක්තෝබර් මස සැමෝවාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට පෙර ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩල මූලස්ථානයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අනිද්දා (6) තෙක් එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ සංචාරය සඳහා විදේශ ලේකම්වරිය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගි වන අතර, සංචාරය අතරතුර විදේශ ලේකම්වරිය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වීමටද නියමිතව තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT