155
ගාල්ල වෘත්තීයවේදි එකමුතුව විසින් සංවිධාන කරනු ලැබූ ප්‍රවීණ ගායන ශිල්පි ආචාර්ය වික්ටර් රත්නායකයන් ඇගයීමේ උලෙළක් ‘මියුරු කල්පනා හරසර’ ලෙස පසුගියදා (1) ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී විශාරද අමරසිරි පීරිස්, රවීන් කනිෂ්ක, තිවංකා පීරිස් යන ගායක ගායිකාවන් ඇගයුම් ගායනා ඉදිරිපත් කළ අතර, ආචාර්ය වික්ටර් රත්නායකයන්ට හරසර දක්වමින් ඇගයුම් තිළිණ ප්රදානය වජිර අබේවර්ධන පදනමේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සිදු කරන ලදි.
නෙත්මි පූජනී රත්නායක