ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා විසින් රචිත ‘තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශ්වික එකඟතාව’ කෘතිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පිළිගැන්විණි. කොරෝනා වසංගත සමයේ මෙරට පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ 35ක් තර්ජනයට ලක් වූ අවස්ථාවේ වෘත්තීය සමිති, හාම්පුතුන් හා කම්කරු අමාත්‍යංශය එක්ව ත්‍රෛපාර්ශවික ගිවිසුමක් මඟින් ඒ සියලු රැකියා සුරක්ෂිත කළ ඓතිහාසික ක්‍රියාදාමය ඇතුළත් කරමින් ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා විසින් මේ කෘතිය රචනා කර ඇත. ‘තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශ්වික එකඟතාව’ පර්යේෂණාත්මක කෘතිය, ‘දෙසරැස’ ප්‍රකාශනයකි. මේ ගිවිසුමට නායකත්වය දුන්, කොවිඩ් සමයේදී මෙරට කම්කරු අමාත්‍යවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත කෘතියේ පළමු පිටපත පිළිගන්වනු ලැබීය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න