Sunday, April 20, 2025
Home » වෙනිසියුලා ජනපතිගේ ගුවන්යානය අමෙරිකාවේ භාරයට

වෙනිසියුලා ජනපතිගේ ගුවන්යානය අමෙරිකාවේ භාරයට

by sachintha
September 4, 2024 1:48 am 0 comment

සම්බාධක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝට අයත් ගුවන්යානයක් තම බාරයට ගත් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 13කට මිලදී ගත් බව කියන එම ගුවන්යානය අමෙරිකානු බලධාරීන් විසින් අත්පත් කරගනු ලැබුවේ ඩොමිනිකන් රාජ්‍යයේදී බවත්, එය මේ වන විට ෆ්ලොරිඩා ප්‍රාන්තයට රැගෙන ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගුවන්යානය අත්පත් කරගත් අවස්ථාවේදී වෙනිසියුලාවේ ජනාධිපතිවරයා එහි නොසිටි බව ද වාර්තා වේ.මූල්‍ය වංචා හා දූෂණ සම්බන්ධව චෝදනා ලබා සිටින නිකොලොස් මදුරෝ ඇතුළු වෙනිසියුලාවේ රජයට එරෙහිව අමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධකවලට අනුව එවැනි මිලදී ගැනීම් හෝ අලෙවි කිරීම් තහනම් බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT