Home » චමිඳු වික්‍රමසිංහ පන්දු 39කදී ලකුණු 55යි

චමිඳු වික්‍රමසිංහ පන්දු 39කදී ලකුණු 55යි

-ශ්‍රී ලංකා ඒ පිලට ලකුණු 93ක ජයක්

by sachintha
September 3, 2024 1:57 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා ඒ පිල හා දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයේ ජය ලකුණු 93කින් ශ්‍රී ලංකා ඒ පිල හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා ඒ පිලේ තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ පන්දු 39කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 55ක්, කමිල් මිෂාර පන්දු 75කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 71ක් හා නුවනිඳු ප්‍රනාන්දු පන්දු 101කදී හයේ පහරක් හා හතරේ 8ක් සමඟ ලකුණු 97ක් ලබා දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකා ජයග්‍රහණයට දායකත්වය ලබාදුනි. පන්දු යැවීමේදී චමිඳු ඕවර් 4කදී ලකුණු 12 ට එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ඒ පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ හෙයින් ඕවර් 50කදී කඩුලු 9කට ලකුණු 298ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා එ් පිල 205කට දැවී ගියේය. දුෂාන් හේමන්ත ලකුණු 34 ට කඩුලු 3ක් සහ වනුජ සහන් ලකුණු 41 ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඒ පිල කඩුලු 9කට ලකුණු 298 (50)

නුවනිඳු ප්‍රනාන්දු 97, කමිල් මිෂාර 71, චමිඳු වික්‍රමසිංහ පන්දු 55 ( ඇන්ඩිල් පෙලුක්වායෝ 38/3, ට්‍රිස්ටෑන් ලූස්)

දකුණු අප්‍රිකා ඒ පිල සියලු දෙනා දැවී ලකුණු 205 (36.5)

ටෝනි ඩී සොරිල් 53, ඩෙවාල්ඩ් බ්‍රේවිස් 39, මැතිව් බ්‍රීට්ස්ක් 28, එතන් බොස් නොදැවී 32 ( දුෂාන් හේමන්ත 34/3, වනුජ සහන් 41/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT