සුරංගනා කතා කියා කිසිම දැනුමක් නැතිව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ සඳහා දක්ෂ නායකත්වයක්, දක්ෂ කණ්ඩායමක්, වැඩපිළිවෙළක් අවශ්‍යයැයි ද ඒ සියල්ල තිබෙන්නේ සමගි ජන සන්ධානය සතුව පමණක් බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
සමගි ජන සන්ධානයේ මාධ්‍ය හමුවට පෙරේදා (01) එක්වෙමින් ඒ මහතා මේ බව කීවේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට ආදායම් වර්ධනය කර ගැනීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ජනතාව දිළිදුභාවයෙන් මුදා ගැනීමට හැකි බව ද සේනසිංහ මහතා පැවැසීය.
‘සමාජ මාධ්‍ය සජිත් ප්‍රේමදාස මහතාට දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඔවුන් අවසානයේ පවසනවා සජිත් ප්‍රේමදාස කියන දේවල් කරනවා කියලා. කවුරු මොන මඩ ප්‍රහාර එල්ල කළත් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට දෙන පොරොන්දු අනිවාර්යයෙන් ඉටු කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දේවල්වලින් සියයට 95ක්ම ඉටු කරන්න සමගි ජන සන්ධාන රජය කටයුතු කරනවා. චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ලස්සන ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළා. නමුත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබුණ දේවල්වලින් බහුතරයක් ඉටු කළේ නෑ. හරියාකාරව නිවැරදිව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වගේ නායකයන් පමණයි.ඒ වගේම සමගි ජන බලවේගය මෙවර ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒ වගේම ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙන දක්ෂ කණ්ඩායමක් සිටිනවා. ඔවුන් සමඟ සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු මහපොළොවේ යථාර්ථයක් කරන්න සමගි ජන සන්ධානයට හැකියාව තිබෙනවා. සමගි ජන සන්ධානයේ සිටින පිරිස් රට වෙනුවෙන් වැඩක් කර පෙන්වා තිබෙනවා. සමගි ජන සන්ධානයේ කයිවාරුකාරයෝ නැහැ”යැයි ද කීවේය.
රක්ෂණ ශ්‍රියන්ත