ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ මණ්ඩලය සංවිධානය කළ බාලදක්ෂ ලී පදක්කම්ධාරීන්ගේ වාර්ෂික සුහද හමුව හෙවත් ගිල්වෙල් සුහද හමුව නුවරඑළිය නගර ශාලාව හා පීඩෘෘ බාලදක්ෂ පුහුණු කඳවුර කේන්ද්‍ර කරගනිමින් පසුගිය 31 දා සහ පෙරේදා (1) පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සහභාගි වූ අතර, රට පුරා විසිරී සිටින ගිල්වෙල් ලාභීහු හෙවත් ලී පදක්කම්ධාරීහු 300ක් පමණ සහභාගි වී සිටියහ. මේ සුහද හමුවේදී සිඟිති, පෝතක, බාලදක්ෂ හා මානවක බාලදක්ෂ අංශ නියෝජනය කරමින් නවකයන් 110 දෙනෙක් ලී පදක්කම් හිමි කරගත්හ. ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා ප්රමුඛ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණු අතර, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ්, ජාතික වැඩසටහන් කොමසාරිස්, වෛද්‍ය අසංක ඒරියාව මහත්වරුන් ප්රමුඛ කොමසාරිස්වරු රැසක් සහභාගි වූහ.
නුවන් කොඩිකාර