කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අභිනව ලේඛකාධිකාරි ලෙස ආචාර්ය චානී වාසනා ඉඹුල්ගොඩ මහත්මිය ඊයේ (2) රාජකාරි භාර ගත්තාය.
වසර 18ක් කොළඹ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරි වශයෙන් කටයුතු කර ඇති ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කරගෙන තිබේ.
බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ වැඩ භාර ගැනීම සිදු වූ අතර, සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රෝහණ නෙත්සිංහ, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සභාපති අජිත් නාරගල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සුදන්ත ලියනගේ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ආචාර්ය චානී වාසනා ඉඹුල්ගොඩ මහත්මිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතාගේ භාර්යාවද වේ.
ජායාරූපය – වාසිත පටබැඳිගේ