දිනෙන් දින වැඩි වන සයිබර් අපරාධවලින් කාන්තාවන් හා දරුවන් මුදාගැනීම හා ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මොනරාගල දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
මොනරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. පසන් එස්.බී.රත්නායක මහතාගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර කාන්තා දිනය කේන්ද්‍ර කර ගනිමින් කාන්තා, ළමා කටයුතු සහ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ජාතික කාන්තා කමිටුවේ මෙහෙයවීමෙන් මොනරාගල දිස්ත්‍රික් වනිතා සංවර්ධන ඒකකය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. සමාජ මාධ්‍ය භාවිත කර ගනිමින් දිනෙන් දින වැඩිවන සයිබර් අපරාධවලින් කාන්තාවන් හා දරුවන් මුදා ගැනීම සහ ග්‍රාමීය මට්ටමේ දරුවන් හා කාන්තාවන් එවැනි අපරාධවලින් වළක්වා ගැනීමත් අරමුණු කොටගෙන මෙම වැඩසටහන පැවැත්විණි.
මෙහිදී ළමා අන්තර්ජාල ආරක්ෂණය සහ ඩිජිටල් යහපැවැත්ම පිළිබඳ උපදේශිකා ශිරෝමාලා සමරකෝන් මහත්මිය
‘ලිංගික ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්රචණ්ඩත්වය’ පිළිබඳවත්, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී කේ.ජී. අමිල කුරුගම මහතා ‘සයිබර් අපරාධ සම්බන්ධයෙන් පවතින නීතිය සහ ආයතන’ පිළිබඳවත්, දිස්ත්‍රික් විදේශ රැකියා සංවර්ධන නිලධාරී ඩබ්.ජී. කැළුම් දේශප්‍රිය මහතා ‘මිනිස් ජාවාරම් පිළිබඳව පවතින නීති’ සම්බන්ධවත් පිරිස දැනුම්වත් කිරීම සිදු විය.
සූරියවැව විශේෂ – නුවන් ජයසේකර