Home » බලපිටිය රේවතයේ වෛද්‍ය සායනයක්

බලපිටිය රේවතයේ වෛද්‍ය සායනයක්

by sachintha
September 2, 2024 2:13 am 0 comment

බලපිටිය රේවත විද්‍යාලයේ ගුරු භවතුන් සඳහා වෛද්‍ය සායනයක් සහ දරුවන් විසින් දැනගත යුතු ලිංගික කරුණු පිළිබඳ හා මානසික ගැටලු පිළිබඳ දේශනයක් පසුගියදා බලපිටිය රේවත විද්‍යාලයේදී පැවැත්විණි.

මෙය අම්බලන්ගොඩ සිංහ සමාජය විසින් සංවිධානය කර තිබූ අතර එහිදී ගුරුභවතුන්ගේ සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙහි බෝ නොවන රෝග පිළිබඳ පරීක්ෂා කළ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නලින් විජේසේකර මහතා විසින් විශේෂ දේශනයක් ද සිදුකරන ලදි.

මෙම අවස්ථාවට විදුහල්පති බී.එස්. වන්නිආරච්චි සහ අම්බලන්ගොඩ සිංහ සමාජයේ නිලධාරී මණ්ඩලය එක්ව සිටියහ.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්මදාස සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT