Tuesday, April 22, 2025
Home » රාජාංගණයේත් කඩදාසි නිෂ්පාදනය කරයි

රාජාංගණයේත් කඩදාසි නිෂ්පාදනය කරයි

by sachintha
September 2, 2024 2:11 am 0 comment

රාජාංගණය ප්‍රදේශයේ අලිමාන, ජපන්, ජබර වැනි ශාක මෙන්ම බඩ ඉරිඟු, කෙසෙල් කඳන් වැනිදේ යොදාගනිමින් සිදුකරන කඩදාසි කර්මාන්තය සාර්ථක වී ඇති බව තරුණ ව්‍යවසායකයෙකු වන රනිල් වසන්ත මහතා පැවසීය.

මොහු විසින් මෙම ව්‍යාපාරය සුළු පරිමාණයෙන් ආරම්භ කොට තිබෙන අතර මේ වන විට ව්‍යාපාරය සාර්ථකත්වයට පත්ව තිබේ.

ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් සම්බන්ධ කරගනිමින් ප්‍රජා සමිතියක් නිර්මාණය කර, අවශ්‍ය තාක්ෂණික උපාංග ලබා දී හොඳ ගුණාත්මක කඩදාසි සහ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට ඔහුට හැකිවී ඇත. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මේ සඳහා උපකාර ලබා දී ඇති අතර මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අංශයේ මැදිහත්වීම මත ජාත්‍යන්තර වෙළඳපොළට ද මෙම නිෂ්පාදන පිළිබඳව හඳුන්වා දී ඇතැයි රනිල් වසන්ත පැවසීය.

 

තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT