Wednesday, April 23, 2025
Home » මහින්දයේ ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැලඳවීම

මහින්දයේ ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැලඳවීම

by sachintha
September 2, 2024 2:09 am 0 comment

ගාල්ල මහින්ද විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැලඳවීම සහ දිවුරුම් දීම පසුගියදා (29) විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පැවැත්විණි. මෙහිදී නවක ශිෂ්‍ය නායකයන් 30 දෙනකුට පදක්කම් පලඳවන ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයීය ආදි ශිෂ්‍ය, උඩුගම මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මාල් විතානගේ මහතා සහභාගි වූ අතර මහින්ද විද්‍යාලයීය වත්මන් විදුහල්පති ජානක පේදුරුහේවා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් කිහිපදෙනකු ද නවක ශිෂ්‍ය නායකයන්ගේ මවුපියෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

කරාපිටිය සමූහ – එස්. ලොකුකරවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT