පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා යටතේ පාලනය වන සී ශ්‍රේණියේ ප්‍රාදේශීය රෝහලක් වන ලංකාපුර, ගල්අමුණ රෝහලට ගිලන් රථයක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ අලුත් ගිලන් රථය පසුගිය කොරෝනා සමයේ හදිසි අවශ්‍යතා සඳහා යැයි පවසමින් ආපසු භාර දෙන බවට ප්‍රකාශ කරමින් සෞඛ්‍ය බලධාරීන් එම ගිලන් රථය හිඟුරක්ගොඩ රෝහලට ගෙන ගොස් ඇති අතර, එම රථය වෙනුවට පරණ ගිලන් රථයක් ලබා දී ඇත. එයද අලුත්වැඩියාවක් සඳහා අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට ගෙන ගොස් මාස ගණනාවක් ගත වී ඇතත් මේ දක්වා රෝහලට භාරදී නොමැත. මේ හේතුවෙන් රෝහලට ඇතුළත් කරන අසාධ්‍ය රෝගීන් සහ ඇතැම් නේවාසික රෝගීන් පොලොන්නරුව මහ රෝහල වෙත මාරුකර යැවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
මේ පිළිබඳව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ එස්.ජේ. කුමාර් මහතාගෙන් විමසීමේදී පැවසූයේ මේ වනවිට ගිලන් රථයෙහි අලුත්වැඩියා කටයුතු අවසන්කර තිබෙන අතර උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් වැඩියා කිරීමේ ගාස්තු නොගෙවා තිබෙන බවය.
එච්.එල්. ද සොයිසා – ලංකාපුර සමූහ