Home » ආර්ථික අගාධයෙන් රට බේරගත්තේ ජනාධිපතිතුමයි අපේ රට දැන් ක්‍රමයෙන් ගොඩනැ‍ඟෙමින් තිබෙනවා

ආර්ථික අගාධයෙන් රට බේරගත්තේ ජනාධිපතිතුමයි අපේ රට දැන් ක්‍රමයෙන් ගොඩනැ‍ඟෙමින් තිබෙනවා

-එජාප තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ

by sachintha
September 2, 2024 1:00 am 0 comment

ආර්ථික කළමනාකරණය පිළිබඳව හසළ දැනුමක් තිබෙන ලෝකය පිළිගත් එකම නායකයා ජනපති රනිල් වික්‍රසිංහ මහතා බවත්, මොනයම් හෝ හේතුවකට රට ඉන් බැහැර වුවහොත් අපේ රටත් බංග්ලාදේශයක් බවට පත්වන බවත් එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගියදා (29) කොළඹදී (29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙසේද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝසල ජී. මුණසිංහ මහතා .

“ආර්ථික අගාධයෙන් රට බේරගත්තේ ජනාධිපතිවරයායි. එහි කිසිම විවාදයක් නැහැ. අද විපක්ෂයේ අය විවිධ කතා කියනවා මා ඒ අයගෙන් එක ප්‍රශ්නයක් අහනවා. රට විශාල ආර්ථික අගාධයට ලක් වූ මොහොතේ රනිල් වික්‍රමසිංහ රට භාර නොගත්තා නම් සිදුවන්නේ කුමක්ද? අප දැන් ආර්ථික ආගාධයේ ළිඳේ කට පෙනි පෙනී සිටිනවා. මේ ගමන මෙහෙමම ඉදිරියට නොගියොත් නැවත සිදුවන්නේ ළිඳට වැටීමයි. අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැ‍ඟෙමින් තිබෙන බව කිව යුතුයි. අපට අතීතය හොඳට මතකයි. ජනතාව වින්ද පීඩනය හොඳට මතකයි. ඒ පීඩනය මඟහරවා රට සාමාන්‍ය අතට පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ වගේම 88-89 පීඩනයද අපට හොඳට මතකයි. නැවත එවැනි යුගයකට යාමට හැකියාවක් නැහැ. බොරු බේගල් ඇද දමමින් ඔවුන් නැවත රට අගාධය කරා ගෙන යන්නට මාන බලනවා. බුද්ධිමත් ජනතාව ඊට රැවටිය යුතු නෑ. අද ජනාධිපති නායකත්වයෙන් දැවැන්ත වේදිකාවක් නිර්මාණ වී තිබෙනවා. මේ වගේ පුළුල් වේදිකාවක් වෙන කිසිම දේශපාලන ව්‍යාපාරයක නැහැ. ලබන විසි එක් වැනිදා අනිවාර්ය ජනපති රනිල් වික්‍රමසිංහ බව මේ වේදිකාව තහවුරු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට මේ ජනපතිවරණයේදී පක්‍ෂ, පාට භේදයකින් තොරව සර්ව පාක්ෂිකයින්, සර්ව ජාතීන් මෙන්ම සර්ව ආගමිකයින් සහය දක්වනවා. මේ රටේ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. ඔහු එය භාරගෙන සාර්ථක වුණා. ඒ නිසා කළගුණ දන්න ජනතාව සිටින රටේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරුයි. අප එකතු වී සිටින්නේ අපේ පෞද්ගලික ජයග්‍රහණයක් වෙනුවෙන් නොවේ. රටේ අනාගතය ජයග්‍රහණය කරවීම සඳහායි. විවිධ අදහස් තියෙන දේශපාලන අධිකාරිය අද එක අරමුණක් වෙනුවෙන් අප සමඟ එකම වේදිකාවට පැමිණ තිබෙනවා. සුරක්ෂිත රටක් මෙන්ම සංවර්ධිත රටක් බිහි කිරීමේ වගකීම අප හමුවේ තිබෙනවා. ඒ අරමුණ ජය ගැනීමට යාමේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන්නැයි ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT