Home » ‘අලි පැංචා’ හප්පා වාහනයක් පලා ගිහින්

‘අලි පැංචා’ හප්පා වාහනයක් පලා ගිහින්

by sachintha
September 2, 2024 1:02 am 0 comment

අවුරුදු දෙකකට ආසන්න වයසැති අලි පැටවකු අනතුරට ලක්කරමින් වාහනයක් පලා ගොස් ඇති අතර, එම අනතුරින් අලි පැටවා බරපතළ ලෙස ආබාධයකට ලක්වී ඇති බවත් කරුවලගස්වැව වනජීවී නිලධාරීහු පවසති.

පුත්තලම – අනුරාධපුරය මාර්ගයෙ මී ඔය පාලම ආසන්නයේ හයේ කණුව ප්‍රදේශයේදී මෙම අලි පැටවා තම මව හා අනික් රංචුව සමඟ මාර්ගය මාරුවෙමින් සිටියදී මෙසේ වාහනයක ගැටී අනතුර සිදුව ඇති බව ද වනජීවී නිලධාරීහු පවසති. වනජීවී නිලධාරීන් පවසන්නේ අනතුරින් පසු අලි පැටවා සමඟ සිටි අනෙක් අලි රංචුව, අලි පැටවාව මාර්ගය අයිනට තල්ලු කරමින් රැගෙන විත් ඇති බව පෙනී යන බවය. අනතුර සිදු කළ වාහනය එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර මෙම කලාපය නිරන්තරයෙන් අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශයක් බවද එම නිලධාරීහු පවසති. අනතුරට ලක්ව ඇති අවුරුදු දෙකක පමණ අලි පැටවාට ප්‍රතිකාර ලබා දීමට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පැමිණීමට නියමිතව තිබුණි. අලි පැටවා දැඩි ලෙස අසාධ්‍යව විලාප තබමින් හඬ තබන විට ඒ ආසන්නයේ මී ඔය පාලම ළඟ රැඳී සිටි අලි රංචුව ද මහ හඬින් විලාප තබමින් සිටින බව වනජීවී නිලධාරීහු පවසති.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ වනාතවිල්ලුව සමූහ – කේ. ප්‍රියංකර කළුපහන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT