Monday, April 21, 2025
Home » කතරගම දේවාලයෙන් ඉදිකළ අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය හෙට ජනතා අයිතියට

කතරගම දේවාලයෙන් ඉදිකළ අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය හෙට ජනතා අයිතියට

by sachintha
September 2, 2024 2:20 am 0 comment

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) පෙරවරු 09ට විවෘත කිරීමට කටයුතු යෙදා තිබේ.

රුපියල් මිලියන 156ක වියදමින් ඉදිකළ මේ වාට්ටු සංකීර්ණය මහල් 04කින් සමන්විත අතර, රෝගී දරුවන් වෙනුවෙන් වෙන් කර ඇත. අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටින දරුවන්ගේ සුරතින් මේ වාට්ටු සංකීර්ණය විවෘත කරන බවත්, කිසිදු අයකුගේ නමක් ගමක් නොමැතිව කතරගම දේවාලයේ දෙවියන්ට පින් අනුමෝදන් වේවා කියා පමණක් සමරු ඵලකයේ සඳහන් කළ බවත් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙ වාට්ටු සංකීර්ණය ඉදි කර තිබේ.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී. එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT