ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඔවුන් අද (02) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වැනිදා උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබුණි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේය.
ක්ල්බ් වසන්ත පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මඟින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.