Home » කන්තලේ පොලිස් බිමේ ඇසතු ගසක් කඩා­වැටී වාහන 3කට බර හානි

කන්තලේ පොලිස් බිමේ ඇසතු ගසක් කඩා­වැටී වාහන 3කට බර හානි

by damith
August 31, 2024 1:02 am 0 comment

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ-ඒ.ටි.එම්.ගුණා­නන්ද හා කන්තලේ සමුහ-සුමිත්‍රා කුමාරි රත්නා­යක

කන්තලේ මූල­ස්ථාන පොලිස් පරි­ශ්‍රයේ තිබූ දැවැන්ත ඇසතු ගසක් හමා ගිය තද සුළ­ඟට කඩා වැටී­මෙන් පෙරේදා (29) වාහන තුන­කට හානි සිදු­විය.

හානි වූ වාහන අත­රින් එකක් පොලිස් ජීප් රථ­යක් වන අතර අනෙක් වාහ­නය පොලිස් කැබ් රථ­යක් බව පොලි­සිය කියයි.මේ වාහන දෙකට සුළු හානි සිදු වී ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.හානි වූ ත්‍රීරෝද රථය පොලි­සියේ සේවය කරන පොලිස් සැර­ය­න්ව­ර­ය­කුට අයත් එකක් වන අතර අන­තු­රෙන් ත්‍රීරෝද රථ­යට බර­ප­තළ හානි සිදු වී තිබේ.කන්තලේ මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලින්ටන් වික්‍ර­ම­රත්න මහ­තාගේ මෙහෙ­ය­වීම මත ඒ ගස කපා ඉවත් කිරී­මට කට­යුතු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT