Home » Golden Queens මහා ක්‍රිකට් සංග්‍රාමය මොරටුවේදී

Golden Queens මහා ක්‍රිකට් සංග්‍රාමය මොරටුවේදී

by mahesh
August 30, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
වේල්ස් කුමරි කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) - මනුදි නානායක්කාර (නායිකාව), හිරුකා ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), ටී.ටී. පෙරේරා (ක්‍රිකට් භාර ආචාරිනි), තිළිණි විජේවීර (විදුහල්පතිනි), කවිෂා රණසිංහ, දීපාධිකා, ශානි පෙරේරා (සහාය පුහුණුකරු), විශ්මි සොයිසා (උපනායිකාව), පසු පෙළ (වමේ සිට) රහිනි ද සිල්වා, හිත්මි ප්‍රනාන්දු, අමාෂා හේරත්, නවීෂා පීරිස්, උමයංගනා පීරිස්, ශෂිනි පෙරේරා, ජනුති එදිරිසිංහ, නෙතුකි කුඩලිගම, දිනිති නාගසිංහ, ෂෙහාරා පෙරේරා, ඉමාෂා චලනි, ශනකි සේනානායක, විනුදි ප්‍රනාන්දු, නෙත්මි ප්‍රනාන්දු.  යශෝධරා විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) - විභුෂා වික්‍රමආරච්චි (නායිකාව), එච්.ඒ.ටී. සම්පත් (ක්‍රීඩා භාර ආචාර්ය), එම්.ජී.ඒ. දිල්රුක්ෂි (නියෝජ්‍ය විදුහල්පතිනි), නිලුකා සමන්කුමාරි (විදුහල්පතිනි), මදුපානි රාජකරුණා (ක්‍රිකට් භාර ආචාර්ය), සහන් දේශප්‍රිය (පුහුණුකරු), සියත්‍රා රණසිංහ (උපනායිකාව), පසු පෙළ (වමේ සිට) - එස්.ඒ.ඒ.එච්. සමරවීර, ඔෂදී විජේසිංහ, සහන්ලි අතුකෝරළ, චනුත්මි මල්ලවආරච්චි, අමායා නෙත්මිනි. නිර්මානි මිහිරංගි, ඔනාරි විලෝචනා, තෂ්මි සෙනාරා, සදෙව්මා පෙරේරා, දුල්මි ද සිල්වා, ෆාතිමා සාරා, ලිහන්සා දිසානායක, පබසරා රණසිංහ, තිලෝකා ජයසේකර, අංජානා ඉඳුමිනි.

මොරටුව වේල්ස් කුමරි විදුහල සහ කොළඹ යශෝධරා බාලිකා විදුහල අතර ප්‍රථම වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ‘Battle of the Golden Queens’ හෙට (31) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවුරුදු 19න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් වේල්ස් කුමරි පිල තරගයට එක්වන අතර, උපනායිකාව ලෙස විශ්මි සොයිසා කටයුතු කරයි. කණ්ඩායමේ පුහුණුකාරිනිය වන්නේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවක වන හිරුකා ප්‍රනාන්දුය.

විභුෂා වික්‍රමආරච්චිගේ නායකත්වයෙන් යශෝධරා විදුහල තරගයට එක් වන අතර, උපනායිකාව ලෙස සියත්‍රා රණසිංහ කටයුතු කරයි. කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහන් දේශප්‍රිය මහතා කටයුතු කරයි.

මේ විදුහල් මින් පෙර තරග පැවැත්වුවත් දෙපිල මහා තරගයකදී එක්වන පළමු අවස්ථාව මෙයයි.

වේල්ස් කුමරි විදුහල්පතිනි තිළිණි විජේවීර සහ යශෝදරා බාලිකා විදුහලේ විදුහල්පතිනි නිලුකා සමන්කුමාරි මහත්මීන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ සංවිධාන කරන මේ තරගය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර තිබේ. පාසල් දෙකෙහි මිත්‍රත්වය ගොඩනඟා ගැනීමටත්, යොවුන් දැරියන්ට දක්ෂතා එළිදැක්වීමට මෙය අගනා අවස්ථාවක් බවත් විදුහල් දෙකෙහි විදුහල්පතිනියෝ පවසති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT