Wednesday, April 23, 2025
Home » කාන්තා අත්කම් ප්‍රදර්ශනයක් මහරගමදී

කාන්තා අත්කම් ප්‍රදර්ශනයක් මහරගමදී

by mahesh
August 30, 2024 1:00 am 0 comment

මහරගම - උදේනි චන්ද්‍රසිරි

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ මහරගම – කොට්ටාව නැඟෙනහිර ග්‍රාම සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන්, කටුකුරුන්ද ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ පැවැති ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන පුහුණුලාභීන්ගේ අත්කම් ප්‍රදර්ශනය පසුගිය දා (28) පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලීය ‘සංධ්වනි’ ශාලාවේදී පැවැත්විණ.

මෙම ප්‍රදර්ශනයෙහි ගෘහයක සාලය, නිදන කාමර, කෑම කාමරය සහ ගිනිහල් ගෙට අවශ්‍ය උපාංග, කලාත්මක හැඩයකින් යුත් නිර්මාණ මෙන්ම අත්කම් භාණ්ඩ සහ කාන්තා ඇඟලුම් ද විය.

ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ දිනේෂා කුමාරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ, මැහුම් උපදේශිකා නදීෂා සහ ග්‍රාම සංවර්ධන නිලධාරී ඩබ්ලිව්. කීර්ති යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක්, මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT