Sunday, April 20, 2025
Home » අද මැතිවරණ වියදම රටට දරාගන්න බෑ

අද මැතිවරණ වියදම රටට දරාගන්න බෑ

by mahesh
August 30, 2024 1:00 am 0 comment

ගඟ ඉහළ සමූහ - ජගත් ජනප්‍රිය

“අද රටේ මැතිවරණ වියදම රටට දරාගන්න බැහැ. පළාත් සභාව වෙනම නඩත්තු කළ හැකි තත්ත්වයක නෙවෙයි රට තිබෙන්නේ. 1980 සිට මේ දක්වා මැතිවරණවලට වියදම් කරපු මුදල්වලින් විශ්වවිද්‍යාල කීයක් හදන්න තිබුණාදැයි කල්පනා කර බලන්න” යැයි ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පැවසීය. රණසිංහ මහතා එසේ පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ සරත් එන්ද සිල්වා මහතා සකස් කළ අලුත් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඒ මහතාට පිළිගැන්වීමේ උත්සවයේදීය.

තවදුරටත් අදහස් දක්වමින්, “ජනතා පරමාධිපත්‍ය බලය අවභාවිත කරමින් 1978 හඳුන්වා දුන් ව්‍යවස්ථාව අද වන විට 22 පාරක් වෙනස් කර තිබෙනවා. ඒ මඟින් රටට ඇති වුණේ දූෂණය, වංචාව, රජයේ මුදල් ගසාකෑම පමණයි. ජනතාවට වගකියන, ජනතා පරමාධිපත්‍ය රකින, දූෂණය වංචාව නැති කරන, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට අගමැතිවරයෙක් හා ආසනයට මන්ත්‍රීවරයෙක් පත්වෙන වසර පහකට වරක් පවත්වන ඡන්ද හතර දෙකකට අඩු කර, සියලු බලතල සහිත විගණන කොමිසමක් මූලික වූ රටක් තුළ ජනතාවට අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර ස්වදේශිකත්වය මුල් වූ ආර්ථිකයක් සමෘද්ධිමත් ජාතියක් ගොඩනඟන්න මා සමඟ අත්වැල් බැඳගන්නයි ඉල්ලා සිටිනවා යැයි ස්වාධීන ජනපති අපේක්ෂකයකු වන හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය. මෙම රටේ ප්‍රබල තීන්දු රැසක් ජාතිය වෙනුවෙන් ගත්ත, සුනාමි සහන මණ්ඩලය, උතුරු නැඟෙනහිර මායිම් වෙන් කිරීම, අයථා ගනුදෙනුවකින් සිද්ධ වූ රක්ෂණ සමාගම රජයට භාරගත් තීන්දුව වැනි තීන්දු ලබාදුන් අදත් වසර 42ක් නීතියේ තිබෙන පරිණතභාවයෙන් ගොඩනැඟුණු ව්‍යවස්ථා සංශෝධනයක් මගේ අතට පත්කළ සරත් එන්ද සිල්වා මැතිතුමාට ජාතියේ ප්‍රණාමය මම පුද කරනවා.”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කතෝලික, ඉස්ලාම්, හින්දු පූජකතුමන්ලා, හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඇතුළු විද්වතුන් ව්‍යපාරිකයින් විවිධ දේශපාලන පකෂවල ආසන සංවිධායකවරු ද සහාභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT