103
කඩුවෙල ආසනයේ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල මංසන්ධිය අසල දී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.