Home » පොදු ජන පෙරමුණ රටට ආදරය කරන දේශපාලන බලවේගයයි

පොදු ජන පෙරමුණ රටට ආදරය කරන දේශපාලන බලවේගයයි

by mahesh
August 30, 2024 1:00 am 0 comment

බෙන්තොට - එස්. මද්දෙවිතාන

“බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කොටගත් මේ රටේ සංස්කෘතියට නොගැළපෙන කිසිම නීතියක් සම්මත කරන්න අප කටයුතු කරන්නේ නෑ. සමහර අණ පනත් අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ.” මාතෘභූමියට ආදරය කරන අප කිසි විටෙක මේ රට බෙදන්න ඉඩ නොතබා රටේ ඒකීයත්වය ආරක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා කරන්දෙණිය මහ ඒදණ්ඩ නගරයේ පෙරේදා (28) පස්වරුවේ පැවති ජන හමුවට එක් වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක දුල්ෂාන් පද්මසිරි කාරියවසම්, කරන්දෙණිය ආසන සංවිධායක එස්.පී. නිමල බන්දු යන මහත්වරුන් විසින් මෙම ජනරැලිය සංවිධාන කොට තිබිණි.

එහිදී වැඩිදුරටත් ජනතාව ඇමතු නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වේගවත් ශීඝ්‍ර සංවර්ධනයකට ශ්‍රී ලංකාව යොමු කළා. එදා සමහර ආසනවල තිබුණු අතිදුෂ්කර ගම්මාන අද දියුණු තත්ත්වයට පත්වෙලා ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධන කටයුතු සිදු කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. 2015න් පසු එම සංවර්ධනය නතර වෙලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නතර කළ තැන සිට නැවත සංවර්ධන කටයුතු ආරම්භ කොට දියුණුම රටක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා.

අප ජනාධිපතිවරණ රැස්වීම්වලට මුළු දිස්ත්‍රික්කයෙන්ම බස්වලින් ජනතාව ගෙන එන්න උත්සාහ කරන්නේ නෑ. ආසනයේ කිහිප තැනකට ගොස් පාක්ෂිකයින් මුණගැසී අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරනවා. වරදාන වරප්‍රසාදවලට පිල් මාරු කරන දේශපාලන සංස්කෘතියෙන් ඈත්වී ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කළ යුතුයි. අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇතිවෙන ලෙස කටයුතු කළ යුතුයි. ආසියාවේ දියුණුම සංවර්ධිත රට බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුයි. රාජ්‍ය සේවයේ පත්වීමේ සිට මාරුවීම් දක්වා මන්ත්‍රීවරු ඇමැතිවරු පිටුපස යන ක්‍රියා පිළිවෙත වෙනස්කරනවා.

පොලිසිය රණවිරුවන් ඇතුළු රාජ්‍ය අංශයේ සියලුම මාරුවීම් ක්‍රමය ස්වාධීනව කළ යුතුයි. රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කොට වැටුප් විෂමතා නිවැරදි කරනවා. ආයතනවලට අවශ්‍ය ප්‍රමාණය පමණක් බඳවා ගත යුතුයි. අවුරුදු ගණනක් රජයේ සේවයේ බඳවා ගැනීම හරිහැටි සිදුවී නෑ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කර බදු ගසා නැවත අඩු කරන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. බදු ප්‍රමාණය දරා ගත හැකි වන අන්දමට සකස් කරනවා.

ඒ අන්දමින් බදු ආදායම වැඩි කළාට වැඩක් නෑ. දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරන කුරුඳු , තේ, රබර්, ගම්මිරිස් වගා කරන ගොවියාගේ ආදායම වැඩිවන ලෙස කටයුතු කළ යුතුයි. ගමේ ව්‍යාපාරිකයාගේ ආදායම වැඩි වුවහොත් ආර්ථිකය දියුණු වෙනවා. ඉදිරි අනාගතයට ගැළපෙන පරිදි රැකියා වෙළෙඳපොළට තරුණයන් යොමු කිරීමට කටයුතු කළ යුතුයි.

ජාත්‍යන්තර සංවිධාන කියන විදිහට ජනතාවට බදු පිට බදු පැනවීම නොකළ යුතුයි. රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණුවාට ආර්ථිකය ස්ථාවර වෙන්නේ නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT