පාසලකට ලැප්ටොප් පහක් සහ බස්රථයක් ලබා දීමෙන් රටක අධ්‍යාපනය හෝ රටේ අධ්‍යාපනය දියුණු කළ නොහැකි යයි ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා (24) රත්නපුර දී පැවසීය.
රත්නපුර ලොරි රථ ගාලේදී මෙම රැස්වීම පැවතිණි.
මෙහිදී තවදුරටත් රැස්වීම ඇමතු ජනාදිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා මහින්ඳ රාජපක්‍ෂ මහතාට මනා පෞර්ශත්වයක් සහ කෙලින් තීන්දු තීරණ ගැනීමේ හැකියාව තිබුණත් සජිත් ප්‍රේමදාසෙමතාට කෙලින් තීන්ඳු තීරණ ගැනීමේ කොන්ඳක් නැතැයිද කියා සිටියේය.
මේ රට පාලකයන්ගේ වැරදි දූෂිත පාලනය නිසා ආර්ථික සහා සමාජීය අතින් රට පහළ වැටී ඇතැයිද ඒ සඳහා ගොඩ ඒමට නම් විනයගරුක අල්ලස හා දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍ය යයිද රට විනයගරුක දූෂණයෙන් තොර පාලනයක් ඇති කිරීමට තමා සූදානම් බවත් පැවසීය.
පාර්ලිමේන්තුවේ අගමැතිකමට තරග කරන්නැයි තමා ඇතුළු පක්‍ෂෙය් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා. ඡන්දය විමසන ලද දිනයේ පාර්ලිමෙන්තුවේදී උදේ වනතුරු තමා තරග කරන බව පැවසුවද ඔහු දහවල් ඩලස්ගේ නම යෝජනා කර එම අවස්ථාවෙන් පැන ගියා යැයි කී සරත් ෆොන්සේක මහතා රටට අවශ්‍ය කරන්නේ ප්‍රශ්නවලින් පැන යන ජනාධිපතිවරයකු නොව ප්‍රශ්නවලදී මුහුණ දීමට පුළුවන් නායකයෙකු යැයි කීය.