Home » මෙවර පොදු ජන පෙරමුණ අන්ත පරාජයක් ලබනවා

මෙවර පොදු ජන පෙරමුණ අන්ත පරාජයක් ලබනවා

by mahesh
August 30, 2024 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ මහතා අන්ත පරාජයක් ලබන බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. එස්.බී. දිසානායක මහතා පැවසීය.

එස්.බී. දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ඉකුත්දා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මස්කෙළිය ආසනයේ ඒකාබද්ධ බලමණ්ඩල රැස්වීම ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්ථාවේදී පැමිණ සිටි පාක්ෂිකයන් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පා.ම. එස්.බී. දිසානායක මහතා කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූර්ණ සහයෝගය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බවයි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා එදින රැස්වීමට පැමිණ සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවේ තමන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට පීඩනයක් ලබාදිය යුතු බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සූදානම් වූ බවත් එම මුදල්වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් පැවසීය. නාමල් රාජපක්ෂ මහතා මෙම මැතිවරණය සඳහා තවමත් පරිපූර්ණ නොවන බවට තමන් පවසා සිටි බවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟතාවය පළ කිරීමත් සමඟ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ‘මම පරදින්න ඡන්දය ඉල්ලන්නේ නෑ’ යනුවෙන් පවසමින් ඉවත් වූ බව එස්.බී. දිසානායක මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT