Home » වසරේ විශිෂ්ටතම මාධ්‍ය පර්යේෂකයා සම්මානය සරත් කුමාර පෙරේරාට

වසරේ විශිෂ්ටතම මාධ්‍ය පර්යේෂකයා සම්මානය සරත් කුමාර පෙරේරාට

by mahesh
August 30, 2024 12:59 am 0 comment

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ප්‍රථම ICONIC AWARDS 2024 Sri Lanka සම්මාන ප්‍රදානයේදී 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍ය පර්යේෂකයා ලෙස වසර 30ක් විද්යුත් මාධ්‍ය පර්යේෂකයකු ලෙස කටයුතු කරන එම්. සරත් කුමාර පෙරේරා මහතා ‘The Best Media Researcher of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය.

සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයේ MTV/MBC සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන පර්යේෂකයා ලෙස විද්යුත් මාධ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් නව පර්යේෂණ, විධික්‍රම ආකෘති ඔස්සේ පුළුල් හැදෑරීමක අධ්‍යයනයක නිරතව ඔහු නව ගුවන්විදුලි මාධ්‍ය පර්යේෂණ ආකෘතියක් රටට හඳුන්වා දුන්නේය. 1994-2019, සිරස මාධ්‍ය ජාලයෙන් සමු ගන්නා විට මහරාජා ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය මාධ්‍ය පර්යේෂණ උදෙසා වසර 25ක් ඉටු කළ මෙහෙවර අගයමින් රන් සම්මානයක්ද ඔහුට ප්‍රදානය කර ඇත.

සරත් කුමාර මහතා මාධ්‍ය පර්යේෂකයකු, විශ්වවිද්‍යාලයීය විෂය බාහිර කථිකාචාර්යවරයකු, සම්පත් දායකයකු ලෙස මාධ්‍ය තුළ පර්යේෂණයේ ගුණාත්මක බව හා කාලීන අවශ්‍යතාව අවධාරණය කරමින් නව මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව සඳහා Media Culture තදින්ම අවධාරණය කළ මාධ්‍ය පර්යේෂකයෙක් විය. ඒ මහතාගේ මාධ්‍ය පර්යේෂණ ගමන් මඟ නීති විද්‍යාලීය යුක්ති ප්‍රණාම සම්මානය (1997), UNDA උන්ඩා රූපවාහිනී ගුවන්විදුලි සම්මානය (1997), මහාචාර්ය හිදයෝ ෂිම්ෂු සම්මානය (2000) ශ්‍රමාභිමානී ජාතික සම්මානය (2010) (මාධ්‍යශූරී සම්මානය) තම පර්යේෂණ කුසලතාව මත අවස්ථා ගණ්නාවකදී සම්මානයට පාත්‍ර විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT