Wednesday, April 23, 2025
Home » බණ්ඩාරවෙල පාසලක ශිෂ්‍ය නායකයකු කොළඹට ගෙන්වා පහරදීලා

බණ්ඩාරවෙල පාසලක ශිෂ්‍ය නායකයකු කොළඹට ගෙන්වා පහරදීලා

වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැරි සිසුන් තිදෙනාට ඇප

by mahesh
August 30, 2024 1:00 am 0 comment

භාග්‍යා සිල්වා

බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක බාලවයස්කාර සිසුන් තිදෙනකු තවත් සිසුවෙක්ට පහරදිම සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් පිරිසක් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් බැගින් පනවා මුදාහැරීමටත් ඔවුන්ගේ ඉදිරි හැසිරිම පිළිබදව පරිවාස වාර්තාවක් කැදවන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(29) නියෝග කළේය.

පාසලේදී ලබා දුන් උපදේශයකට උරණව ශිෂ්‍ය නායකයකු කොළඹට ගෙන්වා දැඩි ලෙස පහරදී එම වීඩියෝ දර්ශන වට්ස් ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් සැකකාර සිසුන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

“ළමයි ගහ ගැනීම සාමාන්‍යයි. එහෙත් දැඩි ලෙස පහරදී එය වීඩියෝ කර සමාජ මාධ්‍යයට දැමීම විමර්ශනයක් කළ යුතුයි. එම නිසා වහාම පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන්න නියෝග කරනවා.“ යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මීට දින කීපයකට පෙර පහර කෑමෙන් ගෙල ප්‍රදේශය හා හිස ප්‍රදේශයට සිදු වූ තැලීම්වලට ප්‍රතිකාර ලැබූ සිසුවා ඊයේ (29) රෝහලින් පිටවූ බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවා ඇති බවත් කෙසෙල්වත්ත පොලීසිය පැවසීය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරුවන් බලවයිස්කාරයන් වන හෙයින් ඇප මත මුදා හැර පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන ලෙසටද අදාළ වාර්තාව ඔක්තෝබර් 22 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT