ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන පක්ෂවල එකමුතුවෙන් සැකසෙන නව දේශපාලන සන්ධානය සැප්තැම්බර් 5 වැනිදා වෝටර්ස් ඒජ්හිදී එළිදැක්වීමට නියමිතව ඇත.
ජනජය පෙරමුණ නමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදකින මෙම සන්ධානය ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අදහස් කරයි.
එහි පළමු පියවර වශයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා සැප්තැම්බර් 12ට පෙර ජනජය පෙරමුණ නාමයෝජන භාරදීමට තීරණය කර තිබේ.
මෙම නව සන්ධානය ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි පුළුල් සන්ධානයක් බව රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසයි.
කොළඹදී පැවැත් වූ පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා පැවසුවේ 2023 නාම ලේඛනයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණොත් නව ලක්ෂයක තරුණ ප්‍රජාවකට ඡන්දය භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි.