Home » වැලි ව්‍යාපෘතියකට අල්ලස් ඉල්ලුවැයි පරිසර රාජ්‍ය ඇමැතිගේ පුද්ගලික ලේකම් සැප්.10තෙක් රිමාන්ඩ්

වැලි ව්‍යාපෘතියකට අල්ලස් ඉල්ලුවැයි පරිසර රාජ්‍ය ඇමැතිගේ පුද්ගලික ලේකම් සැප්.10තෙක් රිමාන්ඩ්

by mahesh
August 30, 2024 1:00 am 0 comment

කොළඹ අධිකරණ සමූහ සිරන්ජනී කුමාරි භාග්‍යා සිල්වා

වැලි විකිණීමේ ව්‍යාපෘතියක බලපත්‍රයක් ලබාදීමේ කටයුතු කිරීම සඳහා ලක්ෂ 15ක අල්ලස් මුදලක් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ වෙ‍ෙළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා සහ තවත් සැකකරුවකු තවදුරටත් ලබන සැප්තැම්බර් 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා වන යෝගනාදන් රෝෂ්මන් සහ කිතුල් වැව පදිංචි කෞකීකරන් ප්‍රදීපන් යන සැකකරුවන්ය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙදී ඊයේ දින ප්‍රකාශ කර සිටියේ සැකකරුගේ ඥාතියකු මියගොස් සිටින හේතුවෙන් ඔහුට එම අවමංගල කටයුතු සඳහා පෙනී සිටීම සඳහා කරුණු සලකා බලන මෙන්ද, සැකකරුගේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින හේතුවෙන් ඔහුව වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට අවශ්‍ය බවත් සහ දෙවන සැකකරුගේ මව පිළිකා තත්ත්වයෙන් පෙළෙන බවටත් කියා සිටියේය.

එලෙස කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පළමු සැකකරු හට අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගි වීමට අදාළ අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට ද සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව බන්ධනාගාර රෝහලට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන් හට නියෝග කළේය.

මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ මඩකලපු දිස්ත්‍රිකයේ පිහිටා තිබෙන ජයන්තියාය වැවේ රොන්මඩ ඉවත් කර එය නිස්සාරණය කර වැලි විකිණීමේ ව්‍යාපෘතිය සඳහා පැමිණිලිකරුගේ පුද්ගලික සමාගම නමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් වෙතින් ලබාගතයුතු බලපත්‍ර අමාත්‍යවරයාට දැනුම් දී ලබාගැනීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලන බවට පැමිණිලිකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ල ප්‍රකාරව කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT