Monday, April 21, 2025
Home » පොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරියේ

පොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරියේ

by mahesh
August 30, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මෙවර ජනාධිපතිවරණය 2024 සඳහා පොලිස් නිලධාරීන් පනස් හතර දාහක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල මැතිවරණ මෙහෙයුම් රාජකාරි සඳහා අවම වශයෙන් නිලධාරීන් තුන්දෙනකුගෙන් යුත් ඒකකයක් මේ වන විට පිහිටුවා අවසන් බව මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා සඳහන් කරයි.

එයට අමතරව දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 45ක් තුළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් යුක්ත හත්දෙනකුගෙන් වැඩි කණ්ඩායමක් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබේ.

ඊට අමතරව පොලිස් මූලස්ථානය තුළ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කර ඇති අතර මැතිවරණයට අදාළ දෛනික සිදුවීම් වාර්තා ලබා ගැනීම ඇතුළු දෛනික කටයුතු පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (29) විශේෂ මාධ්‍ය හමුවේදීය.

ප්‍රධාන මැතිවරණ කාර්යාලය තුළ ද විශේෂ පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමක් සිදු කළ බව ද ඒ මහතා සඳහන් කළේය.

නීති විරෝධී පෝස්ටර් කටවුට් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට කම්කරුවන් 1500 බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නීති විරෝධී මැතිවරණ පෝස්ටර් 169,500ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර 61,000 පොලිස් භාරයට ගෙන තිබේ.

බැනර් 613ක් ඉවත් කර ඇති අතර බැනර් 510 පොලිස් භාරයට ගෙන තිබේ.

නීති විරෝධී කටවුට් 5766 ඉවත් කර ඇති අතර 793 පොලිස් භාරයට ගෙන තිබේ. දැන්වීම් සහ අනෙකුත් දේවල් 2350 ඉවත් කර ඇති අතර 6350 පොලිස් භාරයට ගෙන ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් දැනුම් දී ඇති පරිදි මැතිවරණ රැස්වීම් 250ක් පොලිසියට වාර්තා වී ඇති අතර ඒ ඒ අපේක්ෂකයන්ට අදාළ කොපමණ ආරක්ෂාවක් සැලසිය යුතු ද යන්න බුද්ධි තොරතුරු අනුව ඔවුන්ට ආරක්ෂාව සැපයීමට පොලිසිය මඟින් පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT