177
හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වේතනයට එකතු කිරීමට පියවර ගෙන තිබේ. ත්‍රිවිධ හමුදාව තුළ මෙතෙක් කල් පැවති ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට නියමිත බව රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ අනුව ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට හමුදා සාමාජිකයාගේ මාසික වේතනයට එක්කිරීමට නියමිත බවත් එමඟින් හමුදා සාමාජිකයන්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන අතර මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.