Home » මතුගම ශාන්ගේ ප්‍රධාන ගෝලයා මෙරටට රැගෙන එයි

මතුගම ශාන්ගේ ප්‍රධාන ගෝලයා මෙරටට රැගෙන එයි

by mahesh
August 30, 2024 1:00 am 0 comment

කටුනායක - ටී. කේ. ජී. කපිල සහ පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත්අඩංගුවට ගෙන ඊයේ (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.

මොහු මතුගම ශාන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව සඳහන්වේ.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මේ ගුවන් යානයට ගොස් මේ අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර දීමට කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT