රාහු කාලය
උදේ 10.39 – 12.12 දක්වා
රාත්‍රි 10.43 – 12.11 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 6.01 ට උතුර බලා
උදේ 7.14ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට
උදේ 7.42ට උතුර බලා
උදේ 8.51ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 6.29ට උතුර බලා
සවස 4.29ට උතුර බලා
මේෂ
ජීවිතයට දැඩි අභියෝග
ජීවිතයට වඩාත්ම අභියෝග එළඹෙන දිනයකි. විශේෂයෙන්ම සතුරු කරදර, නින්දා අපහාස පැමිණෙනු ඇත. යම් ආකාරයක හදිසි ධන සම්පත් උදා වුණද එදිනෙදා ගෘහ ජීවිතයේ කාර්යබහුලතාව තම නිදහසට බාධාවක් වනු ඇත.
වෘෂභ
නව ව්‍යාපාර අරඹයි
ආර්ථිකය ප්‍රගතියක් දක්නට ලැබේ. පොදු දේපළවල හිමිකමක් උසුලයි. නව ව්‍යාපාර ඇරඹීමට සුබ කාලයකි. වසර තුළ සතුටුදායකම අවධිය මෙය යැයි කීවාට වරදක් නැත. ආගමික ආධ්‍යාත්මික දියුණුව උදාකෙරේ.
මිථුන
රැකියාවට සුබයි
රැකියාවට සුබයි. විරැකියාවෙන් පෙළුණු අයට යහපත් රැකියා ද කරගෙන ආ රැකියාවේ උසස් තලයට යාම් ද පෙන්වයි. සතුරු උවදුරු දුරු වේ.
කටක
ව්‍යාපාරවල ප්රවර්ධනයක්
පුණ්යවන්තවේ. ආගමට දහමට නැඹුරු වේ. පොදු සමාජ කටයුතුවලදී යහපත, අභිවෘද්ධිය උදාවේ. ආර්ථික දියුණුව හා ව්‍යාපාර අතින් උසස් තලයට යාමක් පෙන්වනු ඇත.
සිංහ
කනගාටුදායක ආරංචි ලැබේ
ප්‍රවේශම අත්‍යවශ්‍යයි. හුදෙක් කනගාටුදායක ආරංචි අසන්නට ලැබේ. දුර බැහැර ගමන් යෙදෙන අතර තමාට ඉතාම විශ්වාසවන්තව ළඟින් සිටි අයගේ දුරස්වීමක් පෙන්වයි.
කන්‍යා
නිවෙසේ උත්සවශ්‍රියක්
ඉතා සුබ තත්ත්වයකි. කිසියම් කටයුත්තකදී රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙනු ඇත. එදිනෙදා කටයුතු අතර නිෙවසේ මංගල උත්සවයක් වැනි දේකට සූදානමක් දක්නට ලැබේ.
තුලා
සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක්
නව කර්මාන්තයක් ඇරඹීමට වැඩි උනන්දුවක් දක්වන දිනකි. දීප්තිමත් චරිත සමඟ ඇසුරට වැටෙන අතර සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ.
වෘශ්චික
ජීවිතයේ ස්වර්ණමය බවක්
පුණ්‍යවන්ත පුත්රපල උදාකරන තත්ත්වයකි. බොහෝ වෙහෙසක් ගෙන ආ ජීවිතයේ යම් අස්වැසිල්ලක් උදාවනු ඇත. මවුපිය, දූදරු සබඳතා පුළුල්වීම තුළ ගෘහ ජීවිතයේ ස්වර්ණමය යුගයක පෙර ලකුණු පළ කරයි.
ධනු
යහපත පතා කරන කටයුතු සාර්ථක වේ
නව ආදායම් උදා කෙරේ. නව නිෙවසක උරුමය පෙන්වයි. වාහන හිමිකම් ද පවතියි. යහපත උදෙසා කරන කටයුතු සාර්ථක වේ. සීතල ආහාර පානාදිය නිසා පපුවට, හිසට අසාත්මිකතා මතු කෙරේ.
මකර
අධිෂ්ඨානය සපලවේ
සිතේ පවතින දැඩි අධිෂ්ඨානය සඵල කෙරෙනු ඇත. මිතුරන් සමග විවිධ කටයුතු කිරීමෙන් යහපත උදාවේ. ව්‍යාපාර ඥානය පහළ වේ. ආර්ථික අතින් දියුණු වේ.
කුම්භ
අධ්‍යාපනයට අත් උදව්වක්
පිටරට ගමන් සඵලවේ. වාසස්ථානවල වෙනසක් දක්නට ලැබේ. පිනට දහමට නැඹුරුවේ. හුදෙක්ම විනෝදාස්වාදය මූලිකකොට සිතනු ඇත. එය තම අධ්‍යාපනයට සිදුවන ප්රවර්ධනකාරී අත් උදව්වකි.
මීන
හදිසි අතුරු ආන්තරා සිදුවේ
නව දේශපාලන මතිමතාන්තර සිතට ගනී. හුදු විනෝදය නිසා අතුරු අනතුරු සිදුවේ. මවුපිය ඇසුරින් මිදී වසර ගණනාවකට දුරස්ථ වී යාමට සිදුවේ.
සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි