ශ්‍රී ලංකා – ඉන්දීය ද්විපාර්ශ්වික මිතුදම තවදුරටත් සවිමත් කරමින් නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඊයේ (29) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා සමඟ සිව්දෙනකු මෙරටට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එම නියෝජිත කණ්ඩායම පැමිණෙන අවස්ථාවේ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙරටට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාව කොළඹදී හමුවී තිබෙන අතර ඔහු වෙත ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සබඳතාව පිළිබඳ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ පිටපතක් ද මිලින්ද මොරගොඩ මහතා විසින් පිරිනමා ඇත.
දොවාල් මහතා නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණ සිටින අතර ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සබඳතාව පිළිබඳ පාත්ෆයින්ඩර් පදනමේ අධ්‍යයන කණ්ඩායම් වාර්තාව මාර්ග, දුම්රිය, විදුලිය සහ ඛනිජ තෙල් යන අංශවල භෞතික සම්බන්ධතා සඳහා පුළුල් සැලැස්මක් සපයයි.
මෙම සම්බන්ධතා මුලපිරීමේ අවසාන ඉලක්කය වන්නේ දෙරට අතර ආර්ථික ඒකාබද්ධතාව හරහා ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 3ක සිට සියයට 6 දක්වා ඉහළ නැංවීම බව වාර්තාවේ දැක්වේ.