Tuesday, April 22, 2025
Home » කොහු­වල සර­ණං­කර පොලිස් මුර­පො­ළට බෝ ගසක අතු කඩ­ා වැ­ටිලා

කොහු­වල සර­ණං­කර පොලිස් මුර­පො­ළට බෝ ගසක අතු කඩ­ා වැ­ටිලා

ලක්ෂ ගණ­නා­වක අලා­භ­යක්

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

කොහු­වල සර­ණං­කර පොලිස් මුර­පොළ මතට අසල බෝ ගසක විශාල අතු කීප­යක් එක්වර කඩා වැටී­මෙන් මුර­පොළ ඇතුළු දේපළ රැස­කට රුපි­යල් ලක්ෂ ගණ­නා­වක අලා­භ­යක් සිදු වී ඇතැයි කොහු­වල පොලි­සිය පව­සයි. ඊයේ (28) පෙර­වරු 10ට පමණ මෙම අන­තුර සිදු වී ඇති අතර අන­තු­රින් කිසි­වෙ­කු­ටත් තුවාල සිදුවී නොමැත.

බෝ ගසේ අතු කඩා වැටී­මෙන් මුර­පොළේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ විවේක කාම­රය, පොලිස් විවේ­කා­ගා­රය, භෝජ­නා­ගා­ර­යට බර­ප­තළ අලාභ සිදු වී මුළු ගොඩ­නැ­ඟි­ල්ලම දෙද­රුම් කා විශාල අලා­භ­යක් සිදුවී ඇති අතර වෝල්ට් 33000 විදුලි සැප­යුම මෙන්ම සාමාන්‍ය විදුලි සැප­යුම, දුර­ක­තන සහ භූගත රූප­වා­හිනී කේබල් සැප­යුම සම්බන්ධ වන විදුලි කණු ඇතුළු කේබල් විශාල ප්‍රමා­ණ­ය­කට ලක්ෂ ගණ­නා­වක අලා­භ­යක් සිදුවී ඇති අතර ඇළ මාර්ගය අසල තිබූ ත්‍රිරෝද රථ­ය­කට සහ කුඩා වෙ‍ෙළ­ඳ­ස­ල­කට ද දැඩි අලාභ සිදුවී තිබෙන බව ආරංචි මාර්ග පව­සයි.   මෙම ගසෙහි ඇති අනා­ර­ක්ෂි­ත­භා­වය සම්බ­න්ධ­යෙන් දෙහි­වල ගල්කිස්ස නගර සභාවේ නාග­රික කොම­සා­රි­ස්ව­රයා වෙත පසු­ගිය 21දා ලිඛි­තව දැනුම් දීමට කොහු­වල පොලි­සිය කට­යුතු කර ඇතත් ඊයේ (28) අන­තුර වන අව­ස්ථාව දක්වා ඒ සම්බ­න්ධ­යෙන් පිය­ව­රක් ගැනී­මට කට­යුතු නොකි­රීම හේතු­වෙන් මෙම අන­තුර වූ බව පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මෙම අන­තු­රත් සම­ඟම ප්‍රදේ­ශය පුරා විදු­ලිය විසන්ධි වූ අතර කොහු­වල සර­ණං­කර හා පාමං­කඩ පාර සම්පූ­ර්ණ­යෙන්ම වසා දැමිණි. එම මාර්ගයේ ගමන් ගැනී­මට නිය­මිත වාහන විකල්ප මාර්ග ඔස්සේ යැවී­මට කොහු­වල පොලි­සියේ රථ වාහන අංශයේ නිල­ධා­රීන් විසින් කට­යුතු කරනු දක්නට ලැබිණි.   මේ පිළි­බඳ දෙහි­වල ගල්කිස්ස නගර සභාවේ නාග­රික කොම­සා­රිස් චන්දන මාන්න­ප්පෙ­රුම මහ­තාගේ විම­සී­මේදී මෙසේ පැව­සීය.

‘විශාල ගස්වල අතු කැපී­මට යොදා ගන්නා යන්ත්‍රය කාල­යක සිට අක්‍රි­යයි. ඒවායේ අම­තර කොටස් සොයා ගැනී­මට නොහැ­කි­වීම හේතු­වෙන් එය යථා තත්ත්ව­යට පත් කර ගැනී­මට නොහැකි වී තිබෙ­නවා. ඒ වගේම ගස්වල අතු ඉව­ත්කි­රී­මට ටෙන්ඩර් කළත් ඒවට කවු­රුත් ඉදි­රි­පත් වන්නේ නෑ.’

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT