Monday, April 21, 2025
Home » කැල­ණිය පෙර පාසල් ගුරු­ව­රුන්ට රස­වි­න්දන වැඩ­ස­ට­හ­නක්

කැල­ණිය පෙර පාසල් ගුරු­ව­රුන්ට රස­වි­න්දන වැඩ­ස­ට­හ­නක්

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

මල්වාන සමූහ - මහා­නාම විතා­නගේ හා දෙල්ගොඩ සමූහ - සුදත් පුබුදු කීර්ති

කැල­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පෙර පාසල් ගුරු­ව­රුන් සඳහා Òසංහි­ඳි­යාවේ ගීත­මය කති­කා­වතÓ යන මැයෙන් රස­වි­න්දන වැඩ­ස­ට­හ­නක් පසු­ගි­යදා කැල­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පව­ත්වන ලදි.

සමා­ජයේ වග­කීම් හා යුතු­කම් රාජ­කාරී කට­යු­තු­ව­ලට කොටු වී සිටින කාන්තා­වන්ගේ මෙන්ම පෙර පාසල් ගුරු­ව­රුන්ගේ රස­වි­න්ද­නය උදෙසා සංගී­තය සෞන්ද­ර්යා­ත්ම­කව ලබා දීම හා රස­වි­න්ද­න­යට හුරු කර­වීම තුළින් සංවේදී සමා­නා­ත්ම­තාව අග­යන හා සහ­ජී­ව­න­යෙන් සුසැදි අනා­ගත පර­පු­රක් බිහි කර­වීම මෙහි අර­මුණ වන්නේය.

මේ සඳහා ප්‍රති­පා­දන ජාතික සම­ගිය හා ප්‍රති­ස­න්ධා­නය සඳහා වූ කාර්යා­ලය විසින් සප­යන ලදි. කැල­ණිය සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් භාග්‍යා එම්. අතු­කෝ­රල මහ­ත්මිය හා ගම්පහ දිස්ත්‍රි­ක්කයේ සිය­ලුම ජාතික ඒක­බ­ද්ධතා සම්බ­න්ධි­කා­රක නිල­ධා­රීන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් මෙම වැඩ­ස­ට­හන පැවැ­ත්විණි. කැල­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ ජාතික ඒකා­බ­ද්ධතා සම්බ­න්ධි­කා­රක මනෝජ් ප්‍රිය­න්ගනී සිල්වා මහ­ත්මිය විසින් මෙම වැඩ­ස­ට­හන සම්බ­න්ධී­ක­ර­ණය කරන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT