Home » අගරු චෙක් වංචාවට විත්තිකරු 2 දා දක්වා රිමාන්ඩ්

අගරු චෙක් වංචාවට විත්තිකරු 2 දා දක්වා රිමාන්ඩ්

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

කොච්චි­කඩේ - ඩී. මිහි­ඳු­කුල

මාළු ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් තමන්ට අය විය යුතු රුපි­යල් 8734,726ක මුදල වෙනු­වට එය පිය­වීම සඳහා රුපි­යල් 2870,960 අගරු චෙක්පත් ලබා දුන්නේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබූ අයකු මීග­මුව ප්‍රධාන මහේ­ස්ත්‍රාත් රඛිත අබේ­සිංහ මහතා විසින් සැප්තැ­ම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඉකුත් 26 වැනිදා නියෝග කළේය.

මෙලෙස නියෝග ලැබූවේ පාවුලු පාප් මාවත, මීග­මුව පදිංචි ඒ.එස්. ප්‍රනාන්දු නමැ­ත්තෙකි. පැමි­ණි­ලි­කරු ඕතො­ර­වා­ඩිය, කටාන, පදිංචි එස්.ආර්. කුමාර නමැ­ත්තෙකි.  පැමි­ණි­ලි­කරු මාළු ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන යන ආය­ත­න­යක අධ්‍ය­ක්ෂ­ව­ර­යකු බව පව­සයි. සැක­කරු මෙම මුදල පැමි­ණි­ලි­ක­රු­ගෙන් ලබා­ගෙන ඒ වෙනු­වට අගරු චෙක්පත් දීමෙන් සාප­රාධී විශ්වා­සය කඩ කර ඇතැයි මීග­මුව කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශ­නාං­ශය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබුණි.

සැක­කරු මෙදින පැමි­ණි­ලි­ක­රුට රුපි­යල් 7700,000 ගෙවී­මට තිබෙන බව පිළි­ගෙන එදින ලක්ෂ දෙකක් ගෙවී­ම­ටද ඉතිරි මුදල රුපි­යල් ලක්ෂ තුන බැඟින් අවු­රුදු තුන­කින් ගෙවා නිම කිරී­ම­ටද එකඟ වී ඇත. එහෙත් පැමි­ණි­ලි­කරු අධි­ක­ර­ණ­යේදී එලෙස මුදල් ලබා ගැනී­මට අක­මැත්ත ප්‍රකාශ කළේය. මීග­මුව කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශ­නාං­ශයේ නඩු කට­යුතු මෙහෙ­ය­වන උප පොලිස් පරී­ක්ෂක කීර්ති විජ­ය­රත්න මහතා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT