Home » පස්ගම ශ්‍රී මහා නාථ දේවා­ලයේ ඇසළ පෙර­හ­රට කප් සිටු­වීම 31දා

පස්ගම ශ්‍රී මහා නාථ දේවා­ලයේ ඇසළ පෙර­හ­රට කප් සිටු­වීම 31දා

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

මධ්යම පළාත් සමූහ - නිහාල් ජය­ව­ර්ධන

මහ­නු­වර, පාත­හේ­වා­හැට ඓති­හා­සික පස්ගම ශ්‍රී මහා නාථ දේවා­ලයේ වාර්ෂික ඇසළ පෙර­හර මංග­ල්‍යයේ කප් සිටු­වීම මෙම මස 31 වෙනි දින අලු­යම 05.30ට යෙදෙන සුබ මොහො­තින් සිදු කෙරේ.

එලෙස කප් සිටු­වී­මෙන් අන­තු­රුව එතැන් සිට සැප්තැ­ම්බර් 3 දක්වා දේවා­ලයේ අභ්‍ය­න්තර පෙර­හර පව­ත්වන බව පස්ගම ශ්‍රී මහා නාථ දේවා­ලයේ සහ මහ­නු­වර ශ්‍රී මහා කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ දමින්ද බණ්ඩාර උඩු­රා­වණ මහතා පව­සයි. කුඹල් පෙර­හර මංග­ල්‍යය පැවැ­ත්වෙන්නේ 4 වැනි දින සිට 8 වැනි දින දක්වා බවත්, 9 වැනි දින සිට 13 වැනි දින දක්වා රන්දෝලි පෙර­හර පවත්වා 14 වැනිදා දහ­වල් පෙර­හ­රින් පස්ගම ශ්‍රී මහා නාථ දේවා­ලය පෙර­හර මංග­ල්‍යය නිමා කරන බවත් ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT