පාසල් ඇරී නිවෙස බලා යමින් සිටි සිසුන් පිරිසක් හා මවුපියන් තිදෙනෙක් සෙල්ලකතරගම මාර්ගයේ මැණික් ගඟේ පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පෙරේදා (27) දහවල් ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කළ බව කතරගම පොලිසිය පවසයි.
මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ පාසල් ඇරී නිවෙස බලා යමින් සිටි වයස 11ත් 15ත් අතර වයසේ පසුවන සිසුන් 09 දෙනෙකු හා මවුපියන් තිදෙනෙකි.
සෙල්ලකතරගම මහා විද්‍යාලයේ දරුවන් පිරිස හා මවුපියන් කිහිප දෙනෙකු පාසල ඇරී සෙල්ලකතරගම මාර්ගයේ පැමිණ පාලම හරහා මැණික් ගඟ පසුකර යන අවස්ථාවේ පාලම යට තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස සිසුන් 09 දෙනෙකුට හා මවුපියන් තිදෙනෙකුට දෂ්ට කර තිබේ. බඹර ප්‍රහාරයට ලක් වු සිසුන් පිරිස හා මවුපියන් කඩිනමින් කතරගම රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී ප්‍රතිකාර ලැබූ 05 දෙනෙකු පමණක් රෝහලෙන් පිටව ගොස් තිබේ.