Monday, April 21, 2025
Home » සැක­ක­රු­වන් තිදෙනා හඳුනා ගැනීමේ පෙර­ට්ටුවට
කාන්තා­වක බල­හ­ත්කා­ර­යෙන් පැහැ­ර­ගෙන ගොස් සමූහ දූෂ­ණ­ය­කට ලක් කි­රීම:

සැක­ක­රු­වන් තිදෙනා හඳුනා ගැනීමේ පෙර­ට්ටුවට

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

කොච්චි­කඩේ - ඩී. මිහි­ඳු­කුල

පොලි­සි­යෙන් බව පවසා කාන්තා­වක් බල­හ­ත්කා­ර­යෙන් පැහැ­ර­ගන ගොස් සමූහ දූෂ­ණ­ය­කට ලක් කළේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ ඇති හතර දෙන­කු­ගෙන් අත්අ­ඩං­ගු­වට ගත් තිදෙ­නෙකු මීග­මුව ප්‍රධාන මහේ­ස්ත්‍රාත් රඛිත අබේ­සිංහ මහතා විසින් පෙරේදා (27) හඳු­නා­ගැ­නීමේ පෙර­ට්ටු­ව­කට ඉදි­රි­පත් කිරීම සඳහා සැප්තැ­ම්බර් 9 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළේය.

මෙලෙස නියෝග කරනු ලැබුවේ කටාන ප්‍රදේ­ශයේ පදිංචි බව කියන අවු­රුදු 25 – 40 අතර වයස් කාණ්ඩයේ තිදෙ­නෙකි.

පැමි­ණි­ලි­කා­රිය ද කටාන ප්‍රදේ­ශයේ තැනැ­ත්ති­යකි. ඇය විසි හත­ර­වෙනි දින රාත්‍රියේ යතු­රු­පැ­දි­ය­කින් මීග­මුව රෝහල ආස­න්නයේ පිහිටි ඖෂධ ශාලා­ව­කට බෙහෙත් මිලදී ගැනීම සඳහා නිවෙ­සින් ආ බව පැමි­ණි­ල්ලෙන් පවසා ඇත. බෙහෙත් ලබා­ගෙන පිට­තට පැමි­ණෙන විට මෙම පිරිස පැමිණ තමන් පොලිස් නිල­ධා­රීන් බව පවසා තිබේ. පසුව තමන් වෙත මත්ද්‍රව්‍ය චෝදනා ඇති බවට වාර්තා වී ඇති බැවින් පොලි­සි­යට රැගෙන යාමට අවශ්‍ය බව කියා ඇත. එවිට මෙම පිරිස බල­හ­ත්කා­ර­යෙන් ඇයට තර්ජ­නය කොට එක් අයෙක් මගේ යතු­රු­පැ­දි­යට නැඟ කටාන පොලි­සි­යට යතු­රු­පැ­දිය ධාව­නය කිරී­මට අණ කර ඇතැයි ඇය පව­සයි. ඉතිරි පිරිස ඇයගේ පිටු­ප­සින් ත්‍රීවී­ල­ය­කින් පැමිණ තිබේ. කටාන ප්‍රදේ­ශ­යේදී මගේ අත් ගැට­ගසා කැලෑ ප්‍රදේ­ශ­ය­කට ගෙන ගොස් මෙම අය තමන්ට පහර දීමෙන් අන­තු­රුව ලිංගික අත­වර කළ බව පැමි­ණි­ල්ලෙන් පවසා ඇත. ඇගේ ගෙල බැඳි රන්මා­ලය ද, මුදල් පසු­ම්බිය ද පැහැර ගත් බව ඇය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත. වෛද්‍ය වාර්තා අනුව ඇය දූෂ­ණ­යට ලක් වී ඇතැයි පොලි­සිය සඳ­හන් කර තිබුණි. සිද්ධිය සම්බ­න්ධව තවත් අයෙක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට තිබෙන බව පොලි­සිය සඳ­හන් කර සිටි­යේය. අප­රාධ අංශයේ නඩු කට­යුතු මෙහෙ­ය­වන පොලිස් සැර­යන් (82528) මලික් ගමගේ නිල­ධා­රියා විසින් සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර කරුණු වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT