98
කොළඹ කොටස් වෙළෙඳපොළේ තැරැවුකාර සමාගමක් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ශාඛාවක් ඊයේ (28) ගාල්ලේදී විවෘත කෙරිණි. ගාල්ල, වක්වැල්ල පාරේ, අංක 10 දරන ස්ථානයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක දෙවැනි මහලේ මේ තැරැවුකාර සමාගමේ නව ශාඛාව ස්ථාපිත කොට ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තැරැවුකාර සමාගමක 10 වැනි ශාඛාව මෙය වේ. එම තැරැවුකාර සමාගමේ සභාපති හරේන් උදේශි මහතා පීත්ත පටියක් කපා නව ශාඛාව විවෘත කළේය. එම තැරුව්කාර සමාගමේ අධ්‍යක්ෂ සහ විධායක නිලධාරී දිමුතු අබේසේකර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.