ඇල්ල – කුඹල්වෙල මාර්ගයේදී පෙරේදා (27) පස්වරුවේ ත්රිරෝද රථයක් අනතුරට ලක් වීමෙන් 28 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියක බරපතළ තුවාල ලබා රොහල්ගත කර ඇත.
තුවාල ලත් තැනැත්තිය සිය පෙම්වතා සමඟ ත්රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී කිනලන් දේවාලය අසලදී රථය මාර්ගයෙන් ඉවතට පැන මේ අනතුර සිදු තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ තුවාල ලත් තරුණිය රථය පදවමින් සිට ඇති අතර, ඇයගේ පෙම්වතාට ඉන් හානියක් සිදු නොවූ බවට මූලික විමර්ශනවලදී අණාවරණය වී ඇත.
සුවසැරිය ගිලන් රථයක් මඟින් ඇය ප්රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු කළ බවත්, ඇල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවත් ඇල්ල පොලිස් ස්ථානාධිපති (ප්ර.පො.ප) උපේන්ද්ර අබේගුණවර්ධන මහතා පැවසීය.